Search This Blog
සිංහලෙන් බ්ලොග් අඩවියක් පටන්ගනිමු.
සිංහලෙන් බ්ලොග් අඩවියක් පටන්ගනිමු.
බ්ලොග් එකක් යනන්න ද අප සාමාන්‍යයෙන් දන්නා වෙබ් අඩවියක්මයි. බ්ලොග් එකටද සාමාන්‍ය වෙබ් අඩවියක වගේ ඊටම
අයත් වෙබ් ලිපිනයක් තිබෙනවා.බ්ලොග් අඩවියක් හෙවත් බ්ලොග්(blog) එකක් සාදාගෙන අන්තර්ඡාලයට එක්කල විට එය වෙත ද සාමාන්‍ය
වෙබ් අඩවියක් වෙත පිවිසෙනවා වගේ පිවිසිසෙන්න පුලුවන්.
බ්ලොග් එකක් යනුවෙන් හදුන්වන්නේ යම් පුද්ගලයෙකු විසින් තමන්ගේ අදහස් හා නොයෙක් මතවාද ප්රසිද්ධ කිරීම සදහා පවත්වාගෙන යනු ලබන
සරල වෙබ් අඩවියකටයි.
මෙහිදී අදහස් ඉදිරිපත් කල යුතු විෂය සීමාවක් නැහැ. තමන් කැමති ඕනෑම මාතෘකාවක් ගැන අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්.
බ්ලොග් එකක් සාදාගැනීමට ඉඩ කඩ නොමිලේ ලබාදෙන සේවා තිබෙනවා.www.blogger.com යනු එවැනි වෙබ් අඩවියක්.
හොදයි,එහෙනම් නොමිලේ බ්ලොග් එකක් සාදා ගැනීමේ ඇති වාසි මොනවද කියල අපි ටිකක් බලමු.
1 බ්ලොග් එකක් සකස් කිරීම හා පවත්වාගෙන යාමට කිසිම වියදමක් දැරිය යුතු වන්නේ නැහැ.
2 වෙබ් අඩවි නිර්මාණය පිලිබදව දැනුමක් නැති කෙනෙකුට වුවත් පහසුවෙන් බ්ලොග් එකක් සකස් කර ගත හැකි වීම.
3 ඕඩියෝ සහ වීඩියෝ මෙන්ම ඉමේඡස් ඕනෑම ප්රමාණයක් ඇතුලත් කල හැකි වීම.
4 ලොව ප්රසිද්ධ භාෂා ගණනාවක් අතරින් තමන් කැමති භාෂාවකින් බ්ලොග් එක පවත්වාගෙන යා හැකි වීම ආදිය ඉන් කිහිපයකි.
මෙසේ බ්ලොග් සාදා ගැනීම සදහා නොමිලේම සේවාව සපයන වෙබ් අඩවි ගණනාවකි. ඒවා අතරින් වඩාත් ඡනප්රිය වන්නේ www.blogger.com ය.
මෙම බ්ලොගර් සේවාව අපට ලබා දෙන්නේ ගූගල් සමාගමයි.එම නිසා මෙම බ්ලොග් ඉඩ ලබා ගැනීම සදහා ඡීමේල් ගිණුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
එම ඡීමේල් ගිණුමට ලබා දෙන යූසර් නේම් හා පාස් වර්ඩ් යොදාගෙන බ්ලොගර් සේවය හරහා අලංකාරවත් බ්ලොග් එකක් සාදාගත හැකියි.
ඔබ සිංහලෙන් බ්ලොග් ලිවීමට අදහස් කරන්නේ නම් ඒ පිලිබදව අවශ්‍යකරන බොහෝ විස්තර www.sinhalablogger.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
Subscribe to:
Comments (Atom)